brand logo

සන්රයිස් හයිද්‍රාබාද් තියුණු තරගයක් දෙයි - දිල්ලිය අයි.පී.එල් සිහිනයේ තවදුරටත් ඉදිරියට

09 May 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු දෙකකින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී මාර්ටින් ගප්ටිල් ලකුණු 36ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී කීමෝ පෝල් කඩුළු 3ක් දවාගනු ලැබුවේය. අනතුරුව පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුළු 8ක් පමණක් දැවී ලකුණු 165ක් ලබාගෙන තරගයේ ජය වර්තා කළේය. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ප්‍රිත්වි ශව් ලකුණු 56ක් ලබාගත් අතර, රිෂාබ් පාන්ට් ලකුණු 49ක් ලබාගැනීමට සමත් විය. පන්දු 21කදී රිෂාබ් ලබාගත් ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ. ඒ අනුව මෙම තරගය ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හෙට (10) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 12 වැනි ඉරිදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග තරග වැදිමට නියමිතව තිබේ.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් තරගයේ අවසන් පන්දුවාරය පන්දු 6ට ලකණු 5යි

සන්රයිස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් තරගයේ විශේෂ අවස්ථා

 
 

More News..