brand logo

සන්ධානය නමට පිහිටුවලා බලය තව තැනකට දෙන්න බැහැ -රංජිත් මද්දුම බණ්ඩාර

12 February 2020

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ පිළිබද ගැටලු මතු කරමින් ඇතැම් පාර්ශව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩ නැගු සන්ධානය කඩාකප්පල් කිරිමට උත්සහ දරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ දේශපාලන පක්ෂයක් සහ සන්ධානයක් අතර පැහැදිලි වෙනසක් පවතින බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නමට පමණක් සන්ධානයේ නායකත්වය ලබා දී වෙනත් පාර්ශවයකට එහි තීරදු තීරණ ගැනිමට ඉඩ නොදිය යුතු බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ. https://youtu.be/_PhYVz8gFtU
 

More News..