brand logo

සනත් ජයසූරියට ICCයෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක්

27 February 2019

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා ඇත. එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇති බව සඳහන් වෙයි. ICC දුෂණ මර්දන ඒකකය විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව අවශ්‍ය කරන ලියවිලි ලබා නොදීම සහ ඒවා සඟවා තැබීම සනත් ජයසූරියට එරෙහිව නගා ඇති චෝදනාවන්ය.
 

More News..