brand logo

සදුදා සිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා කිහිපයක් අරඹයි

25 April 2020

කොරෝනා අවදානම් කලාප හැර අනෙක් දිත්‍රික්කවල සේවා කටයුතු ලබන 27 වනදා සිට ආරම්භ කිරිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිඛේ. කෙසේවෙතත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොළඹ / ගම්පහ / කලුතර / පුත්තලම / මහනුවර / කෑගල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්වල කාර්යාල විවෘත නොකිරිමට තීරණය කර ඇත. විවෘත කෙරෙන දිස්ත්‍රික්කවල කාර්යාල පවත්වාගෙන යාමේදී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දෙපාර්තමේන්තු සේවකයින් මෙන්ම ජනතාව ද පිළිපැදිය යුතු බව ද ඔවුන් සඳහන් කළේය. ඒ අනුව අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනිමට කාර්යාල ප්‍රධානීන් පියවර ගත යුතු අතර සියලු සේවාවන් ලබා ගැනිම සඳහා මහජනතාව කලින් දිනයක් හා වෙන් කර ගැනිම අත්‍යාවශ්‍ය වෙයි. සතියේ දිනවල උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා කාර්යාල ඇමතීමෙන් දිනයන් සහ වේලාවන් ලබාගත හැකි වෙයි. මෙම කාල වේලාවන් වෙන් කර ගැනිම අන්තර්ජාලය හා ජංගම දුරකතන මඟින් ද ලබා ගත හැකි ක්‍රමවේදයන් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි මෝටර්  රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් පාලනය කර ඇති බැවින් දිස්ත්‍රික්ක කාර්යාලයෙන් ලබා දෙන සේවාව දිස්ත්‍රික්කයේ පදිංචි සේවා ලාභින්ට පමණක් හිමිවෙයි. ඒ අනුව එක් එක් දිස්ත්‍රික් කාර්යාල සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක පහතින් දැක්වෙයි. No photo description available.
 

More News..