brand logo

සතො​ස හාල් කිලෝ ලක්ෂ 4ක් සත්ත්ව ආහාරවලට

31 December 2019

සහල් මිල ඉහළ ගොස් ඇති වකවානුවක ආනයනය කරන ලද සහල් කිලෝ ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වීම නිසා සත්ත්ව ආහාරවලට සතොස මගින් අලෙවි කරන බව වාර්තා විය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න ඇතුළු කණ්ඩායම හිඟුරක්ගොඩ සතොස ගබඩාවේ සහල් පරීක්ෂා කරන අයුරු පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඉන්දියාවෙන් 2017 සැප්තැම්බර් 01 වැනි දින ආනයනය කර හිඟුරක්ගොඩ සතොස මෝල් සංකීර්ණයේ ගබඩා කර තිබී ඇත. එම සහල් තොගය කල් ඉකුත්වීමේ දිනය ලෙස සහල් ඇසුරුම්වල සඳහන් කර ඇත්තේ 2019 අගෝස්තු 01 වැනි දිනය. එසේ කල් ඉකුත් වූ සහල් ලොරි රථ මගින් පිටතට රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න එහි ගොස් පරීක්ෂා කිරීමේදී මේ බව හෙළිවී තිබේ. එම සහල් තොගය වසර දෙකක් ගොස් කල් ඉකුත්වී මෙසේ සත්ත්ව ආහාරවලට අලෙවි කර ඇත. පසුගිය සතියේ ඉන් සහල් ලොරි 11ක් පිටතට රැගෙන ගොස් තිබේ. මීට අමතරව තවත් මාස දෙකකින් කල් ඉකුත් වන (2020 සැප්තැම්බර් 25) සහල් කිලෝ පනස් හයදහසක්ද එහි ඇති බව හෙළිව ඇත. එම සහල් තොගයද සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීමට තීරණය කර තිබූ බව සඳහන් වේ. මීට සතියකට ප්‍රථම වීරවිල පන්නෙගමුව සතොස ගබඩාවේදී එසේ කල් ඉකුත් වූ සහල් කිලෝ ලක්ෂ 50ක් පමණ නැවත පවිත්‍ර කර අලෙවි කිරීමට කටයුතු කරමින් සිටියදී හසු වූ අතර පසුව එම තොගය විනාශ කළේය. මේ සම්බන්ධ‍යන් අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුර යාපාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් සොයා බලන බවයි. චමින්ද සේනාරත්න, කේ.ජී. කරුණාරත්න-තමන්කඩුව
 

More News..