brand logo

සතොසින් එක භාණ්ඩයක් වුවත් මිලදී ගත හැකියි

05 November 2021

සතොස පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

භාණ්ඩ මිලදී ගැනීමේදී සතොස මගින් පනවා ඇති කොන්දේසිය නීතිවිරෝධී බව නීති විශාරදයෝ පෙන්වා දී තිබේ. හාල් සහ සීනි මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බවට සතොස මගින් කොන්දේසි පනවා ඇත. භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ට කොන්දේසි පැනවීමට කිසිසේත් හැකියාවක් නොමැති බවත් අදාළ වෙළෙඳ ආයතනයේ එම භාණ්ඩ තොග තමන් සතුව ඇත්නම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත පාරිභෝගිකයාට භාණ්ඩ සැපයිය යුතු බවත් අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසයි. එවන් අවස්ථාවක් මතුවුවහොත් පාරිභෝගික අධිකාරියට ඒ බව පැමිණිලි කිරීමේ අවස්ථාව පවතින බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කරයි. එහිදී පාරිභෝගික අධිකාරිය වහාම ඒ ස්ථානයට ගොස් ඒ පිළිබඳ සොයා බලා අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෝ එවැනි ආකාරයට ක්‍රියා නොකිරීමට ඔවුන්ට දැඩි සේ අවවාද කිරීමට ඔවුන්ට හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.
 

More News..