brand logo

සතුන්ගේ හදවත් මිනිස්සුන්ට බද්ධ කරනු ලැබේ!

17 December 2018

වඳුරු හදවත කන්නට දොළදුක් හැදුණු රාජකුමාරියෝ ගැනත්, ලය පැලී ලේ ගල ගලා එද්දිත් ඒ වේදනාව දරාගෙන මනුෂ්‍යයාට පිහිට වූ වඳුරෝ ගැනත් කතාන්දරවල තිබේ. එහෙම කතන්දරවලින් කියන්නේ, මිනිසා සහ සතුන් අතර අනාදිමත් කාලයක පටන්ම ගොඩනැගී තිබුණු අෙන්‍යාන්‍ය බැඳීම මිනිසාගේ පැවැත්මට විවිධාකාරයෙන් සම්බන්ධ වී තිබුණු අයුරුය. ගල්යුගයේ මිනිසුන් දඩයමේ ගියේ බල්ලන් සමගය. එඬේර යුගයේ ඇති කළ බැටළුවන්, ගවයින් කුකුළන්ගෙන් එදිනෙදා ආහාර, රෙදිපිළි, කිරි, බිත්තර, ආදී අවශ්‍යතාවන් පිරිමැසුණි. පසුකාලීනව ලෝකයේ සිදුවන දැවැන්ත තාක්ෂණික විපර්යාසයන් සමග මෙකී සතුන් යොදා ගෙන මහා පරිමාණ කර්මාන්ත පවා බිහිවුණි. එයිනුත් නොනැවතී, පසුගිය දිනෙක නවීන විද්‍යාව විසින් මිනිසුන්ගේ ජීවිතය බේරා ගැනීමට සතුන්ගේ අවයව කොටස් බද්ධ කිරීමට හැකියාව ඇති බව ජර්මනියේ පර්ෙය්ෂණයෙන් කණ්ඩායමක් විසින් තහවුරු කර ඇත. මිනිසුන්ගේ අවයව සඳහා සතුන්ගේ අවයව බද්ධ කිරීමට හැකි බවත්, එය සාර්ථක බවත් එහිදී තහවුරු කර ඇත. ඌරකුගේ හදවතක් බැබුන් වඳුරකුට බද්ධ කිරීම එහිදී සාර්ථකව සිදුවුණි. සැත්කමින් පසුව බැබුන් වඳුරා දින 195ක් ජීවත්ව සිට තිබේ. මේ තත්ත්වය විද්‍යාත්මක පර්යේෂණ මට්ටමින් ඉහළ ප්‍රවණතාවකි. සත්ත්ව විශේෂයකගේ හදවතක්, තවත් සත්ත්ව විශේෂයකට බද්ධ කිරීම Xenotransplantation ලෙස හඳුන්වයි. හදවත් රෝගී තත්ත්ව අවදානමින් පසුවූ අයට මෙම පර්ෙ ය්ෂණයෙන් ලත් ප්‍රතිඵලය සතුට දනවන කාරණයකි. එය නවීන විද්‍යාවේ දැවැන්ත සන්ධිස්ථානයක් ලෙස හැඳින්වුවද, මේ සිදුවීම පිළිබඳව දැන් විවිධ මත සමාජයෙන් ඉස්මතුවන්නට පටන් ගෙන තිබේ. යම් ජීවියකුගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තවත් ජීවියකුගේ ජීවිතය අවදානමට හෙළීම මොනතරම් දුරට සදාචාර සම්පන්නද යන්න එක් පැත්තකි. අනිත් අන්තයෙන් ගත්විට සියලුම ජීව විශේෂ අතරින් මනුෂ්‍යයාට ප්‍රමුඛස්ථානය හිමිවීම යන කාරණයේදී එවැනි පර්ෙ ය්ෂණයක් සිදුකිරීම සදාචාර සම්පන්න නොවේ යන කාණ්ඩයට නොවැටෙන බවය. ඉදිරි 2030 වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිසුන්ගේ හදවත් රෝග අවදානමට ලක්වීම මිලියන 8ක් දක්වා වර්ධනය වන බව ගණන් බලා තිබේ. තමන්ට හදවතක් බද්ධ කර ගැනීමට අවස්ථාව එළඹෙනතුරු බලා ඉන්නට සිදුවීමෙන් බොහෝ මිනිසුන් මියැදෙන්නට නියමිත බවත්, ජර්මන් හදවත් ආයතනයේ වෛද්‍ය ක්‍රිස්ටෝප නොයල්ලා විසින් ප්‍රකාශ කළේය. එලෙස බලන විට මෙබඳු හදවත් බද්ධ කිරීමක අවශ්‍යතාව ඉහළ බව පෙනී යන්නකි. මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් යයි කීවද, පර්ෙ ය්ෂණ කණ්ඩායම සිදුකළ ‌ෙමම හදවත් බද්ධයේදී, පර්ෙ ය්ෂණ ගණනාවකින් පසුව මිනිසාගේ අවයව පද්ධති සමග සමීපව විභවතාවක් පවත්වා ගැනීමට ‘‘ඌරා’‘ ගේ අවයව පද්ධති සතුව වැඩි හැකියාව ඇති බව විද්‍යාඥයින් හඳුනා ගත්හ.ඔවුන්ගේ ජාන සංයුතියේ ඇති විශේෂත්වය ලෙස විද්‍යාඥයින් හඳුනා ගත්තේ ඌරාගේ ජාන තුළ ඇති ප්‍රබළ ප්‍රතිශක්තිකරණ හැකියාවය. මානවයාට සමීපතම ජාන සැකැස්ම ඇති බැබුන් වඳුරු විශේෂයට ඌරාගේ හදවත බද්ධ කර බැලීමට නිගමනය වන්නේ ඒ අනුවය. බැබුන් වඳුරා යොදා ගෙන ඇත්තේ, මිනිස් කුලකය නියෝජනය කිරීමක් වශයෙනි. අදාළ පර්යේෂණයේදී, පළමු උත්සාහයේදී ඌරාගේ හදවත බද්ධ කළ වඳුරා දින 57ක් ජීවත් වී සිට තිබේ. නමුත් දෙවන අදියරේදී, වඳුරාගේ ජීවිත කාලය මාස 6ක් දක්වා පවත්වා ගත හැකි විය. පර්ෙ ය්ෂණ අදියරයන් සාර්ථක බව ඒ අනුව තහවුරු කර ගැනුණි. යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේ කාරණයේදී ඉතා අවධානයෙන් පසු වන රටවල් දෙකකි. හදවත් බද්ධය සඳහා ඉහළම අවශ්‍යතාවක් ඇති රවටල් අතර ඔවුන්් ඉදිරියෙන්ම සිටී. ඒ අනුව නුදුරු දිනයකදී මනුෂ්‍ය වටිනාකම ඌරාගේ හදවතේ වටිනාකමට තක්සේරු වන දිනයක් එළඹෙනු ඇත. එයිනුත් ඉදිරියට තවත් බොහෝ සතුන්ගේ හදවත් මනුෂ්‍යා වෙනුවෙන් කැපවන්නට නියමිතය. මේ මොහොතේ චාර්ල්ස් ඩාවින් සිටියා නම් ඔහුගේ ස්වභාවික වරණවාදය පිළිබඳව ඔහුටම උභතෝකෝටිකයක් මතුව එන්නට ඉඩ තිබේ. ‘‘ශක්තිවන්තයා ද නොව, බුද්ධිමතා ද නොව, පැවැතිය හැක්කේ, වෙනස්කම් සඳහා වඩාත්ම උචිත ජීවියාය.’’ චාර්ල්ස් ඩාවින් 1809 එසේ නම් දැන් මේ සිදුවන්නට නියමිත ව ඇත්තේ පරිණාමවාදයේ උඩු යටිකුරුවක් දැයි සිතෙයි. අනුපමා ගල්කඩවල
 

More News..