brand logo

සති තුනක් තුල ගංජා කිලෝග්‍රෑම් 509ක් අල්ලයි

29 January 2019

නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (28) පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම ගංජා තොගය පේදුරුතුඩුව වියපරමුල්ලෛයි ප්‍රදේශයේ නිවසක වහලක් තුළ සඟවා තිබියදි සොයා ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 වන පුද්ගලයෙකු බව හඳුනා ගෙන ඇත. එමෙන්ම, මෙම පසුගිය සති තුනක කාලය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 509 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
 

More News..