brand logo

සති අන්තේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

07 April 2022

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වේලාව මෙන්න

සති අන්තයේ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව සෙනසුරාදා (09) දින පැය දෙකක කාලයක් සහ ඉරිදා (10) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති. ඒ අනුව සෙනසුරාදා (09) දින A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. සෙනසුරාදා (09) දින P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය. මේ අතර එදින CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති. එළඹෙන ඉරිදා (10) දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති. මේ අතර එදින CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
 

More News..