brand logo

සතියක් යනකන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ රැස්වීම් තියන්න බෑ

10 November 2020

නිරෝධායන නීති නොතකමින් පවත්වමින් තිබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පොලීසිය විසින් සිදුකරනු ලැබු කරුණු වාර්තා කිරීමකින් අනතුරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් අද (10) දින සිට සතියක කාලයක් ගතවන තුරු ප්‍රාදේශීය සභාවේ කිසිදු රැස්වීමක් පැවැත්විය නොහැකි බවට නියෝග කර ඇත. මාවනැල්ල පොලිස් වසම හුදකලා කලාපයක් බවට පත්කර ඇති මොහොතක ප්‍රාදේශීය සභාව රැස්වීම පැවැත්වීම නිරෝධායන රීතින්වලට පටහැනි ක්‍රියාවක් වන අතර යම් ආකාරයකින් මෙම රැස්වීම පැවැත්වීම එම ප්‍රදේශයේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමට හේතු විය හැකි බවත් ඒ තුළින් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
 

More News..