brand logo

සතියකට වැසෙන වෙළෙදසැල්

10 May 2021

මොනරාගල නගරයේ සියලු කඩ සාප්පු සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. මොනරාගල ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම්. රත්නවීර මහතා පැවසුවේ මැයි මස 12 වැනිදා සිට සතියක කාලයක් වෙළෙදසැල් වසා තැබෙන බවයි. මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රාදේශීය කෝවිඩ් කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇති අතර, ඊට වෙළෙද සංගමයේ ද සහාය ලැබී තිබේ. ඒ අනුව මොනරාගල මහානාම ජාතික පාසල අසළ සිට කච්චේරිය මංසන්ධිය දක්වා සියලු වෙළෙදසැල් සතියක කාලයක් වැසෙනු ඇත.
 

More News..