brand logo

සතියකට කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

07 March 2020

කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව, ලෙබනනය, සිරියාව,ඊජිප්තුව යන රටවලින් කුවේට් රටට පැමිණෙන හා පිටත්ව යන සියලු ගුවන් ගමන් ඊයේ(06) දින සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව කුවේට් සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම කුවේට් රටේ වලංගු නේවාසික හෝ පෙර පිවිසුම් වීසා බලපත්‍රයක් හිමි ඕනෑම ජාතිකයෙකුට, එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ ඉහත සඳහන් රටවල රැදී සිට වෙනත් ගුවන්තොටුපලක් මගින් කුවේට් රාජ්‍යට පැමිණීම තහනම් කර ඇත. එසේම ඉහත රටවල සිට පැමිණෙන කුවේට් ජාතිකයන්ට අවශ්‍ය කරනු ලබන නිරෝධායන ක්‍රමවේද සලසා ඇති අතර, ඔවුන්ට රට තුළට ඇතුල්වීමට අවසර ඇති බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටී.
 

More News..