brand logo

සතිපොළ ‍වෙළඳුන් 23කට කොවිඩ්

14 January 2021

හිනිදුම, තවලම සතිපොළ ‍වෙළඳුන් 23 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. වෙළඳුන් 83 දෙනෙකු පසුගිය 12 වනදා PCR පරීක්ෂණවලට ලක් කරඇති අතර එම පී.සී.ආර් වාර්තාව අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත . හඳුනා ගත් ආසාදිතයින් අද (14) දිනයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය. සති පොළ කිහිපයකින් කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් මෙලෙස වෙළඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
 

More News..