brand logo

සත්පෝරුව චෛත්‍ය හරා නිදන් සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට

26 July 2019

බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති බුත්තල සත්පෝරුව ‍රාජ මහා විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය හරා නිදන් සෙවූ පුද්ගලයන් දෙදෙනකු දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරුවන් විසින් මෙම විහාරස්ථානයේ ඉපැරැණි චෛත්‍ය දෝනාවක් ආකාරයෙන් සූක්ෂම ලෙස හාරා නිදන් සොයා තිබේ. ඔවුන් චෛත්‍ය තුල අඩි ගනනක් මෙම දෝනාව හාරා පසුව ඉතා සූක්ෂම ලෙස ලෑලි අතුරා වසා දමා තිබේ.මේ පිළිබඳව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ට ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිලි කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම චෛත්‍ය විනාශ කිරිමට පෙර අසල නිවසක සුනඛයන් හත් දෙනෙකුට ද වස ලබා මරා දමා තිබේ.සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත් වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සත්පෝරුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන් වයස අවුරුදු තිස් හතර සහ තිස් හය යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් විමර්ශන සදහා බුත්තල පොලිසිය වෙත භාර දී තිබේ.සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස අට වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල අතර බුත්තල පොලිසිය සහ දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය ඉදිරි විමර්ශන සිදු කරයි. මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු සමයේ ඉදිකල ඉපැරැණි විහාරස්ථානයක් වන අතර ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ වාසය කරන ඉපැරැණි විහාරස්ථානයක් බව ප්‍රදේශයේ ජනතාව කියා සිටී. ජයන්ත වීරසේකර
 

More News..