brand logo

සටහන් වෙනස් කරලා - නියොමාල් රංගජීවගෙන් ප්‍රකාශයක්

28 August 2020

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරන වැටලීම් පිළිබඳ තොරතුරු සටහන් පොතෙහි ස්ථාන සහ වේලාවන් වෙනස් කර යොදනු ලැබුවේ ඒ පිළිබඳ පූර්ව තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබීම වැළැක්වීමේ අරමුණින් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කර ඇත. වැලිකඩ බන්ධනාගාර ගැටුමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඔහු මේ බව අනාවරණ කළ බවයි සඳහන් වන්නේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැලසුම් කරන වැටලීම් පිළිබඳව තොරතුරු කලින් දැන ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නමැත්තා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට මාසිකව රුපියල් 150,000 බැගින් මුදල් ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇත. මේ අනුව, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වා වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට තොරතුරු ලබාදුන් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද, පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ප්‍රකාශ කර ඇත.
 

More News..