brand logo

සජින් වාස් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

12 March 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රුපියල් කෝටිි 30 කට අධික දේපළ හා මුදලක් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා හෙට (13) දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) නියෝග කළේය. එම නඬුවේ සාක්ෂිකරුවෙකුට බලපෑම් කළේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව ඇප මත මුදාහැර සිටි සජින් වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඉකුත්දා නියෝග කර තිබුණි. ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඉන් අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කෙරිණි. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම හෙට (13) දින තෙක් කල් තැබීමට විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් තිස් කෝටියකට අධික වත්කම් හා මුදල් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..