brand logo

සජින්ගේ නඩුව පෙබරවාරි 25වනදා සිට විභාග කෙරේ

01 November 2019

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩුව ලබන වසරේ පෙබරවාරි 25 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) දින නියම කර ඇත. රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් අයථා ලෙස උපයාගෙන මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා. 2010 සහ 2015 අතර කාලසීමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී මෙම මුදල් අයථා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා වෙයි.
 

More News..