brand logo

සජිත් හා ජලනි ගෙදර යයි

11 June 2021

කොරෝනා වැළඳීම හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස පූර්ණ සුවය ලැබීමෙන් පසු අද(11) රෝහලෙන් පිටව ගොස් තිබේ. [caption id="attachment_150579" align="aligncenter" width="1200"] සජිත් හා ජලනි රෝහලෙන් නික්මෙන අයුරු[/caption]     පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායකතුමා සහ ඔහුගේ බිරිඳ සුවපත් වීමෙන් පසුව ආශිර්වාද ලබාගැනීම සඳහා අද උදෑසන ගංඟාරාම විහාරස්ථානය වෙත ගොස් තිබේ. [caption id="attachment_150580" align="aligncenter" width="1200"] ආශිර්වාද ලබා ගන්න අයුරු[/caption] මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා තිබේ. විපක්ෂ නායකතුමන් හට නිදුක් නීරෝගී සුවයෙන් ඉදිරි සියලු කටයුතු කිරීමේ වාසනා ශක්තිය ලැබේවායි මහා සංඝරත්නය ආශිර්වාද අනුශාසනා කරනු ලැබූහ.  
 

More News..