brand logo

සජිත් සහ හිටපු ජනපතිනිය අතර විශේෂ හමුවක්

23 November 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බංඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර විශේෂ හමුවක් අද (23) සිදුවිය. ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව එම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය. කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත්  බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුල එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත්, ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහිදී සාකච්ඡාවට ගැණිනි. එමෙන්ම ශ්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමුවූ අතර ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගනු ලැබීය.
 

More News..