brand logo

සජිත් රනිල් සමග කතාබහ නවත්වයි

01 December 2019

පසුගිය සතිය පුරාම ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වෙතින් දිගින් දිගටම ‘සුපුවත්’ ලැබෙමින් තිබිය දී, විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙසින් ලැබුණේ ‘නරක ආරංචි’ ම ය. ‘විපක්ෂ නායක කම’ ලබාගැනීම සඳහා අලුත් වටයකින් ඇරඹී තිබෙන රනිල්-සජිත් ගැටුම තවදුරටත් එලෙසම පැවතිය දී, එය නිරාකරණය කිරීම වෙනුවෙන් ම කැඳවනු ලැබූ සාකච්ඡා වට දෙකක් ම සජිත් විසින් මග හැර තිබුණේ, පක්ෂ නායකකම අත්හැරීමෙන් තොරව රනිල් තමන් සමග දිගින් දිගටම කතා කිරීම තේරුමක් නැති බව කියමිනි. කෙසේ වෙතත් තමන්ට එ.ජා.ප.යේ පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීම වෙනුවෙන් සිරිකොත තුළ සටන අඛණ්ඩව ගෙන යන්නැ’යි සජිත් සිය පිලේ අයට දැනුම් දී තිබෙන බව වාර්තා වන අතර, ඒ අනුව අජිත් පී. පෙරේරා වැනි අය පසුගිය සිකුරාදා සිට ම ඒ වෙනුවෙන් ‘ෆේස් බුක් පෝස්ට්’ පවා හදන්නට පටන්ගෙන තිබුණි.
 

More News..