brand logo

සජිත්-රනිල් අද මුහුණට මුහුණ හමුවක

30 December 2019

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (30 වැනිදා) පෙරවරු 11.00ට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවැසීය. එම දැනුම්දීම සිදුකර ඇත්තේ විපක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. එමෙන්ම මෙම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. චාමර පල්ලේගෙදර
 

More News..