brand logo

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පළමු වෙඩිමුරය අද බදුල්ලෙන්

12 August 2019

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද(12) බදුල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සමුළුව අද පස්වරු 04.00ට බදුල්ල වීල්ස් පාක් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. ඊයේ(11) එම ස්ථානයට පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අරමුණ වී ඇත්තේ පොදු අපේක්ෂකයෙක් පත් කිරීම හෝ අයියාගෙන් මල්ලිට දෙන අපේක්ෂත්වයක් නොවන බවය. එමෙන්ම රටේ අපේක්ෂකයා ලෙස පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම අද දිනයේ අරමුණ බවත්, ලොකු ශක්තියක් පෙන්විය හැකි දිනයක් ලෙසත් අද දිනය තුළ ලංකාවේම රැල්ල නිර්මාණය වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. රටේ අපේක්ෂාව ඇති පුද්ගලයාව අද දිනයේ දී බදුල්ලේ රැල්ලෙන් ආරම්භ වන බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද දිනයේ පළමු වෙඩිමුරය තබමින් එයට හොඳ ආරම්භයක් ලබා ගන්නා බවත් හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.  
 

More News..