brand logo

සජිත් පසුබෑවොත් පක්ෂයත් විපක්ෂයත් රනිල්ට

30 November 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සාකච්ඡාව සඳහා නොපැමිණියහොත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සහ විපක්ෂ නායක ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ නායකත්වය කැඳවූ රැස්වීම් කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස නොපැමිණීම නිසා අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී තිබේ. පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දී විපක්ෂ නායක ධුරය තමන් සතුව තබා ගැනීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේදී පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස කිසිවකු සමග සම්බන්ධ නොවී හුදකලාව ජීවත් වෙයි. ඔහුට ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබා දුන් පිරිස ද මේ නිසා අතරමංව සිටිති. සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ කථානායක කරු ජයසූරියට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට පමණක් දුරකතනයෙන් කතා කර ඇති බව ද දැන ගැනීමට ලැබෙයි. උදයජීව ඒකනායක
 

More News..