brand logo

සජිත් නිවු බල්බය රවී දල්වයි

05 August 2019

කූරගලට විදුලිය ලබාදීම නවතා දැමුවේ ලංකා විදුලිබල මණ්ඩලය නොවන බවත්,අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ,පසුගියදා පැවති මහනුවර නිල සංචාරයේදි අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැක, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි. සංස්කෘතික ආගමික මෙන්ම පෞරාණික වටිනාකමකින් යුත් කූරගල විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් විදුලිබලය ලබා දෙන්නේ නම්,එය මහගු කාර්යයක් වෙනවා.ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සමරණ අවස්ථාවේදී පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කිරීම ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් ඒකාධිකාරියක් පැවති ලංකා විදුලිබල මණ්ඩලය,මේ වනවිට පාරිභෝගිකයා මුල් කරගනිමින් දැන් කටයුතු කරමින් සිටී. ඒ අනුව නව විදුලි බිල් ක්‍රමයක් ඇති කිරීම,ගෘහස්ත නව විදුලි සබදතා සතියක් වැනි කාලයකින් ලබාදිම,පාරිභෝගික ගැටලු වෙනුවෙන් ක්ෂණික විසදුම් ලබාදීම වැනි නව ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ වනවිට පරිහරණය කරනු ලබන ගෘහස්ත විදුලි මීටර් වෙනුවට පෙරගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදී හදුන්වාදීමට කටයුතු සකස් කරමින් සිටින බවත්, සැප්තැම්බර් මස අඟ වනවිට මේ නව මීටර් ව්‍යාපෘතිය දියත් කිරීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වන බැව් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවවර්ධන ඇමති රවි කරුණානායක දිනපතා අරුණට වැඩිදුරටත් පැවසීය. නිමල් අල්ගෙවත්ත
 

More News..