brand logo

සජිත් තවත් වටයකින් රටවටේ - දිස්ත්‍රික්ක 22 ක ජනහමු 22 ක්

23 November 2019

වොක්ෂෝල් වීදියේ කාර්යාලයේ සිට සජිත් සහ ජලනි යුවළත්, ඔවුන්ට හිතවත් මන්ත්‍රීවරුනුත් පාක්ෂිකයින් සමග ‘පරාජය බුක්ති විඳිමින්’ සිටියහ. පාක්ෂිකයින් බොහෝ පිරිසක් හඬා වැළපෙමින් සජිත්ට කීවේ, එ.ජා.ප. නායකත්වය නොලැබෙන්නේ නම්, වෙනත් පක්ෂයක් හෝ පටන්ගන්නා ලෙස ය. වොක්ෂෝල් වීදියේ කාර්යාලයට පැමිණි ජනතාවගේ ප්‍රතිචාර දුටු සජිත්, වහාම දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි ‘ජන හමු’ පැවැත්විය යුතු යැයි ද, ඉදිරියේදී එවැනි ජන හමු වටයකින් නැවතත් රටවටේ යා යුතු යැයි ද, ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවට පැවසුවේ ය. ඒ අනුව සජිත් එළඹෙන මහ මැතිවරණයට කලින්, තවත් වටයක් රටවටේ යාමට නියමිත ය. ඒ මෙවැනි ජනහමු 22 ක් සමගිනි.
 

More News..