brand logo

සජිත් ඇතුළු 35ක් එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම වර්ජනය කරයි

30 January 2020

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතයි. ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සාමාජිකයින් තිස්පස්දෙනෙකු සහභාගි නොවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පස්වරු 3.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබාගැනීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..