brand logo

සජිත්වාදින්ගෙන් රනිල්ට රතු එළියක්

13 August 2019

ඉදිරි ජනාධිපති වරණයේ දී සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබානුදුන හොත් පක්ෂය නියත වශයෙන්ම දෙකඩ වීමේ හැකියාවක් ඇතැයි එජාප පසු පෙළ හා ඉදිරි පෙළ සජිත්වාදී එජාප මැති ඇමති කණ්ඩායම මේ වන විට පක්ෂ නායකත්වයට අනතුර හඟවා තිබේ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි පක්‍සෙන් හරි නැතිනම් අලුත් පක්ෂයකින් හරි මේදා සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකාය වශයෙන් නම් කර 2020 ජනාධිපතරවරණයේ දී ජයග්‍රහනය කරන්ට සියලුම කටයුතු සම්පාදනය කරන බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය දිලීප් වෙදආරච්චි පවසයි. අපි නායක තුමාගෙන් ඉල්ලීමක් කළා. අපි හිතනවා නායක රනිල් වික්‍රමසිංහ අපට සජිත්ට සහයෝගය දක්වයි කියලා. නැතිනම් අපි පෙර කී පරි දි කොක්කෙන් හරි කෙක්කෙන් හරි පක්‍සෙන් හරි අලුත් පක්ෂයකින් හරි මේදා සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකාය වශයෙන් නම් කර 2020 ජනාධිපතරවරණයේ දී ජයග්‍රහනය කරන්ට සියලුම කටයුතු සම්පාදනය කරන මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. ලංකාවේ සියලුම ජනවර්ග සියලුම දෙනා සජිත් එක්ක එක රෑනට එක යායට පෙළෙන් පෙළට එක් වෙනවා. කව්රු මොනවා කීවත් සජිත් ජනපති වෙනවා. සජිත්ට අපේක්ෂක කම දෙන්නට එජාප බලධාරින් කටයුතු නොකළහොත් මම යළිත් පවසන්නට කැමැතියි කොක්කෙන් හරි කෙක්කෙන් හරි පක්‍සෙන් හරි පක්ෂයකින් හරි මේදා සජිත් ජනපති කරවන්නට අපි සැලසුම් සකස් කර ඇති බවද හෙතෙම අරුණ පුවත්පතට පැවසීය. නිමල් අල්ගෙවත්ත
 

More News..