brand logo

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් සජිත්ට දොස්

11 December 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබාදුන් ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සජිත් ප්‍රේමදාස විවේචනය කර තිබේ. ඒ ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනධිපති අපේක්ෂකයාට සහාය දුන් සිවිල් සංවිධාන සදහා ස්තූති කිරීම සදහා ඊයේ (10) පස්වරුවේ පැවැති හමුවේදීය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැති අතර, එම අවස්ථාවට සජිත් ප්‍රේමදාස සහභාගි නොවීය. මේ හේතුවෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සජිත් ප්‍රේමදාසට දැඩි ලෙස දොස් පවා ඇත. ඔවුන් එහිදී සදහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහට නොව තම සංවිධාන සහාය දැක්වූයේ සජිත් ප්‍රේමදාස මහතාට බව ද වැඩිදුරටත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසා තිබේ.
 

More News..