brand logo

සජිත්ට විශ්වාසය ඵල කිරීම මෝඩ වැඩක් බව හරින් කියයි

11 June 2021

සජබ තුළ සිටින කුමන්ත්‍රණ කරුවා තමන් බව හරීන් පිළිගනී

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විශ්වාස පළකරන විශේෂ යෝජනාවක් හදිසියේම එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් සම්මත කර ගැනීම මෝඩ සහ අනවශ්‍ය ක්‍රියාවක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.

මාධ්‍යවේදීන් පිරිසක් සමග සිදු කළ අදහස් දැක්වීමක දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් සිදු කරනවා නම් එය සිදුකරන්නට සිටින පුද්ගලයා තමන් බවයි.

[caption id="attachment_150769" align="alignnone" width="458"] කුමන්ත්‍රණයක් සිදු කරනවා නම් එය සිදුකරන්නට සිටින පුද්ගලයා තමන් බව හරින් කියයි[/caption]
එහෙත් එවැනි කුමන්ත්‍රණයක් සිදු නොවන බවද හෙතෙම පැවසීය.

පක්ෂය තුළ මතභේද පවතින්නේදැයි යන්න විමසනවිට මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය

‘‘එහෙම මතභේදයක් නැහැ. මම නම් පසුගිය මාස එකහමාරක කාලය නිවාඩු අරගෙනයි සිටියේ. ඒ නිසා පක්ෂය ඇතුළේ ලොකු අභ්‍යන්තර අර්බුදයක් තියෙනවාද කියලා මම නම් දන්නේ නැහැ. මම දන්න තරමින්නම් අර්බුදයක් නැහැ.’’ [caption id="attachment_150770" align="alignnone" width="517"] හරින් සජබ මන්ත්‍රී කණ්ඩායම සමග[/caption] පසුගියදා විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස හට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඔහු මෙසේ කීය. ‘‘ඒක කරපු මිනිහගෙන්ම තමයි ඇයි එහෙම දෙයක් කළේ කියලා අහන්න ඕනේ. මම නම් දකින්නේ ඒක හරි මෝඩ වැඩක් කියලා. මොකද මගේ නායකයා සජිත් ප්‍රේමදාස. ඒක නැවත වතාවක් තහවුරු කරගන්නේ මොකද කියලා මම නම් දන්නේ නැහැ. ඒක කරපු මිනිස්සුන්ගෙන්ම තමයි අහන්න ඕනේ මොකටද එහෙම දෙයක් කළේ කියලා. මම හිටියනම් මම ඒක අහනවා.  ඒක අනවශ්‍ය වැඩක්. අනවශ්‍ය බියක්, අනවශ්‍ය කතාවක් මවන්න කාටද උවමනා වුණේ කියන පිස්සුව පිළිබඳව හොයලා බලන්න ඕනේ. [caption id="attachment_150771" align="alignnone" width="520"] මගේ නායකයා සජිත් ප්‍රේමදාස[/caption]

සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් නැවත එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග එක්වනු ඇති බවට පළවන අදහස් පිළිබඳව මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

‘‘එහෙම දෙයක් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ පරිනත දේශපාලනඥයෙක්. බුද්ධිමත් පුද්ගලයෙක්. මම හිතනවා එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් සියලු පක්ෂත් විපක්ෂයක් හැටියට එකතු විය යුතුයි. එහෙම නැතුව ආණ්ඩු පෙරළන්න බැහැ. සමගි ජනබලවේගය හිතනවා නම් යූ.එන්.පී. එක ඕනේ නැහැ කියලා ඒක මෝඩකමක්. යූ.එන්.පී. එක හිතනවා නම් සමගි ජනබලවේගය ඕනේ නැහැ කියලා ඒකත් මෝඩකමක්. මේ ආණ්ඩුව දැන් පරාජය වෙලා තියෙන්නේ.

තමා ඇතුළු පිරිසක් යන්න ඉන්නවා කියලා කියන කතාව පට්ටපල් බොරුවක් කී හෙතෙම මෙසේද කීය

[caption id="attachment_150773" align="alignnone" width="456"] රනිල් වික්‍රමසිංහ මහතාට මගේ ලොකු ගරුකිරීමක් තියෙනවා[/caption]

රනිල් වික්‍රමසිංහ මහතාට මගේ ලොකු ගරුකිරීමක් තියෙනවා. මට දේශපාලනයට ආරාධනා කරලා මාව කැබිනට් ඇමැතිකෙනෙක් කරලා, මම මහ ඇමැතිකෙනෙක් වුණේ එතුමාගේ කාලවකවානුව තුළ. මට එතුමා එක්ක කිසිම අර්බුදයක් නැහැ. දකින තැන කතා කරනවා.

හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මම සජිත් ප්‍රේමදාස විරෝධියෙක් කියලා. මම එහෙම කෙනෙක් නෙමෙයි. කුමන්ත්‍රණයක් කරනවා නම් කරන්න ඉන්නේ මම. හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ.’’ නයන තරංග ගමගේ
 

More News..