brand logo

සජිත්ට දෙනවට වඩා හොඳයි මම ම ඉල්ලනවා

09 September 2019

පසුගිය සතියේ සජිත් වෙනුවෙන් පැවති කුරුණෑගල රැලිය ද අති සාර්ථක වූ අතර යම්හෙයකින් සජිත්ට එ.ජා.ප.ය තුළින් අපේක්ෂකත්වය නොලැබුණහොත්, ආරියවංශ දිසානායක යන අයගේ නමට තිබෙන ‘ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණින්’ සහ ‘රාජාලියා ලකුණින්’ ඔහුව ඉදිරිපත් කිරීමේ සැලසුම් දියත්වෙමින් පවතී. කෙසේවෙතත්, මාලදිවයිනේ සිට පැමිණි රනිල් ඉකුත් සිකුරාදා දිනයේ ද සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයට කැඳවා තිබුණු අතර එහි දී ද අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය. මේ අතර එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන්නේ යැයි කියන මනෝගනේෂන් ඇතුළු තවත් පිරිසක් ද තමන් එ.ජා.ප.යට නොව සජිත්ට සහාය දෙන බව තැන් තැන් වල කතා කරන්නට යාම නිසා රනිල් තවත් ‘අලි අමාරුවක’ වැටී ඇති නමුත්, ඔහු පසුගිය බ්‍රහස්පතින්දා සවස ‘‘සජිත්ට දෙනවට වඩා හොඳයි මම ම ඉල්ලනවා...’’ යැයි සිය සමීපතමයින් පිරිසක් සමග පවසා තිබුණි.
 

More News..