brand logo

සජිත්ට ජීවිත තර්ජණ - තිස්සගෙන් මැකොට ලිපියක්

02 November 2019

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින්, සජිත්ගේ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක ‘කුරුණෑගල විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්’ පවත්වන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් කළේ ය. එමෙන් ම එම ලිපියෙන් ‘සජිත්ට ජීවිත තර්ජණ’ ඇති බව ද ඉස්මතු කර තිබිණ. කෙසේවෙතත් තිස්ස අත්තනායක මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ‘ස්වාධීන පරීක්ෂණ’ ඉල්ලමින් සිටියදී සරත් ෆොන්සේකා ප්‍රසිද්ධ රැස්වීමක දී මැ.කො. සභාපතිවරයාට ‘ලෝකල් ටාසන්’ යැයි කියමින් ‘අපහාස’ කළේ ය. කෙසේවෙතත් මෙහිදී රැස්වීමේ සංවිධායකයින් වහාම කතාව නවත්වන්නැ’යි සරත් ෆොන්සේකාට ‘තුණ්ඩු කැබැල්ලක්’ යැවීමත් සමඟ සරත් ෆොන්සේකාගේ ඉවසීම නැති වී සංවිධායකයින්ට ද ‘බැණ අඬගසන්නට’ පටන්ගත්තේ ය. මෙහිදී වේදිකාවේ සිටි ‘රනිල් පාක්ෂිකයෙකු’ තවත් අයෙකුට මෙසේ කීවේ ය. ‘‘පුංචි ප්‍රේමදාසයි සරත් ෆොන්සේකයි එකතු වුණාම මහ ප්‍රේමදාසයි රන්ජන් විජේරත්නයි එකතු වුණා වගේ වෙයි ද ?’’ එහිදී අනෙක් ‘රනිල් පාක්ෂිකයා’ මෙසේ පැවසුවේය. ‘‘නෑ... නෑ... මේක වෙන ප්‍රශ්නයක්... මැකොයි, ෆොනියි දෙන්නම එකම ගම් පළාතෙ අය... මං හිතන්නෙ එකම ඉස්කෝලෙ අය... ඔය දෙන්නගෙ විරසකේ එන්නෙ පොඩි කාලෙ ඉඳන් ලු... සමහරවිට ගිය ආත්මෙ ඉඳන් එන විරසකයක් වෙන්නත් පුළුවන් ලු...’’
 

More News..