brand logo

සජිත්ට ජනපති අපේක්ෂකත්වය නොදුන්නොත් දේශපාලනයෙන් ඉවත්වී අවුරුදු 05ක් ගෙදර ඉන්නවා

04 September 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාන්දර හතරට අවදි වී සියලු දෙනාට දුරකථනයෙන් අමතන බව ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එසේ කටයුතු කිරීම ඇතැම් වෙලාවට ඇණයක් බවට සිතෙන බවද ඔහු සඳහන් කළ අතර සජිත් පේ‍්‍රමදාස මහතා වැති තරුණ ක්‍රියාශීලී දේශපාලනඥයෙකු මෙරට ජනාධිපති ධුරයට සුදුසු බව ඔහු ප්‍රකාශ කළේය. ඒ මහනුවර බෝගම්බර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්ෂක ධුරය මෙවර ලබා නොදුන්නොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවත් ඉතිරි අවුරුදු පහම ගෙදරට වී සිටින බවත් ඔහු සඳහන් කළේය.
 

More News..