brand logo

සජිත්ට ඡන්ද අඩුවේ යැයි කියා නිවාස ණය වාරික එකතුකර නෑ - නිවාස අධිකාරිය මූල්ය අර්බුදයක

23 December 2019

එජාප ජනාධිපති අපේක්ෂයාට ඡන්ද නොලැබේ යැයි බියෙන් ඔක්තෝම්බර් හා නොවැම්බර් මාස වල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට බරපතළ මූල්ය අර්බුදයකට ලක්ව ඇත. මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ද නිවාස සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්යයෙන් නිවාස සංවර්ධන අධිකාරිය සිය සේවකයන්ට වැටුප් ගෙවීම සිදු කරන්නේ නිවාස ණය වාරික එකතුවීමෙන් ලැබෙන මුදල්වලිනි. වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අධිකාරියට මුදල් ලබාදීමක් සිදුනොකරන බව ඉහත ආරංචි මාර්ග ප්රකාශ කළේය. හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්රේමදාස විසින් විශේෂ උපදේශකවරයකු ලෙස දේශපාලන පත්වීමක් ලබා දුන් අයෙකු විසින් පසුගිය ඔක්තෝම්බර් මස අධිකාරයේ අදාළ අංශ වෙත ලිපියක් යවමින් නිවාස ණය එකතු කිරීම නතර කරන ලෙසට දැනුම් දී ඇත. එම දිනවල නිවාස ණය එකතු කළොත් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්රේමදාස වෙත ලැබෙන ඡන්ද ප්රමාණය අඩුවන බව පවසමින් මෙම උපදේශකවරයා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ. මේ නිසා එම මාසයේත්, නොවැම්බර් මාසයේත් ණය වාරික එකතු වීම නතර වී ඇත. එකතු වී තිබෙන්නේ ඇතැම් ණය ලාභීන්ගේ වැටුපෙන් අඩුකර එවන වාරික මුදල් පමණි. මේ නිසා නිවාස අධිකාරියේ ආදායම ඉතා සීග්ර ලෙස කඩා වැටී ඇති අතර නොවැම්බර් මාසයේ ගෙවන වැටුප ගෙවා ඇත්තේ භාණ්ඩාගාරයෙනි. බිල්පත්වල ආයෝජනය කර ඇති අධිකාරියේ මුදල් නිදහස්කර ගැනීමෙනි. එහෙත් දෙසැම්බර් මස ගෙවන වැටුප් මෙන්ම පුනරාවර්තන වියදම් වෙනුවෙන්ද වැඩ කිරීම සඳහා ප්රමාණවත් ආදායමක් නිවාස සංවර්ධන අධිකාරියට ලැබී නැත. එනිසා එළඹෙන උත්සව කාලයේ සේවකයන්ට වැටුප ගෙවීමට ද අර්බුදයකට ලක්ව ඇතැයි ඉහත ආරංචි මාර්ග ප්රකාශ කළේය. අජිත් අලහකෝන්
 

More News..