brand logo

සජිත්ට කපන්න අකිලට බෑලු

29 December 2019

ජනාධිපතිවරණයට සහාය පළ කළ ජනතාවට ස්තුති කිරීම අරබයා සංවිධානය කෙරුණු ‘සජිත්ගේ ජනහමු කිහිපයක්’ පසුගිය සතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා පැවැත්විණි. මෙහිදී මාවතගම, පඬුවස්නුවර ආදී ප්‍රදේශවල මෙම ජන හමු පැවැත්වුණේ, ජන රැලි මට්ටමිනි. ‘‘ජනාධිපතිවරණයේදී මට සහාය දුන්නා වගේම මහ මැතිවරණයේදිත් අපේ පක්ෂය දිනවන්න වැඩකරන්න... මම හිතන විදියට මට පක්ෂ නායකත්වයත් ලැබෙනවා... එතනින් එහාට මට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩිවෙනවා... නැවත ‘කොළ බලයක්’ පිහිටුවන්න හැකි හැම දෙයක්ම කරන්න මම පොරොන්දු වෙනවා...’’ මෙහිදී සජිත් ප්‍රේමදාස පැවසුවේ ය. ‘‘ඔබතුමා ඔය වචන ටික අකිලගෙ වැයික්කියකම කියපු එක තමයි හොඳ... එයත් දැන් හොඳටම දන්නවා ඔබතුමාට කපන්න බැරි බව...’’ කුරුණෑගල සජිත් පාක්ෂික ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු මෙහිදී සජිත්ට පවසා තිබුණි.
 

More News..