brand logo

සජිත්ට ඉඩදෙන්න සම්බන්දන් වෙන නිල නිවසකට

28 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හට වෙනත් නිල නිවාසයක් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව වහාම සොයා බලා තමන් දැනුවත් කරන ලෙස රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම්දී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට නිල නිවසක් ලබාදීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව සලකා බැලීමෙන් අනතුරුව ඇමැතිවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇතැයි පැවසේ. හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් 2017 වර්ෂයේ පටන් මේ දක්වා විපක්ෂ නායක නිල නිවාසය භාවිත කරයි. එලෙස දෙමළ සන්ධාන නායකයා අදාළ නිල නිවාසය භාවිත කිරීම ගැටලුවක් නොවන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. කෙසේ වෙතත් වත්මන් විපක්ෂ නායකයාට අවශ්‍ය නිල නිවාස පහසුකම වහාම සම්පාදනය කරදෙන ලෙස එම පාර්ශ්වයෙන් දිගින් දිගටම ඉදිරිපත්වන ඉල්ලීම් හේතුවෙන් මෙලෙස හිටපු විපක්ෂ නායක ලෙස සම්බන්ධන්ට සුදුසු විකල්ප නිලනිවාසයක් ලබාදීමට සොයා බලන ලෙස ඇමැතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. නයන තරංග ගමගේ
 

More News..