brand logo

සජිත්ට අගමැති සිහිනය අකුල ගන්න වෙනවා

07 July 2020

කොරෝනා වෛරසය පරාජය කර ජය ගත්තා සේම මහ මැතිවරණයට ඉහළින් ජය ගන්නා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂය බලන් හිටියේ ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩපිළිවෙල අසාර්ථක වෙනකම්.ඕක තමයි තිත්ත ඇත්ත .එගොල්ලෝ කොරෝනා රෝගීන් වැඩි වෙන්නෙ කවද්ද කියලා බල බල හිටියේ.කොරෝනා රෝගීන් හමුවෙනකොට විපක්ශය තරම් කවුරුත් සතුටු උනේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට වරදිනකම් හිටියේ. හැබැයි ජනාධිපතිතුමත්,අගමැතිතුමත් එකතු වෙලා ජනාධිපති කාර්ය සාධක බලකායත් ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය සේවය ඇතුලු සියලුම දෙනා එකතු කර ගෙන මේක සාර්ථකව පාලනය කරා.අපිට මේ දේ කරන්න විපක්ෂය සහාය දුන්නෙ නෑ.සජිත් ප්‍රේමදාසට ඕන වුණේ සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල විනාශ කරන්නයි.සජිත් ප්‍රේමදාස කොරෝනා වලට ප්ලැකනිල් කියලා බෙහෙතක් හොයාගෙන එයා දොස්තර වෙන්න ගියා.ඇමරිකාවේත් මේ ප්ලැකනිල් ඖෂධය ලබා දීමත් තහනම් කලා.මෙයා බැරි වෙලාවත් ජනාධිපතිවරනයෙන් දින්නනම් කොරෝනා නැති අයටත් ප්ලැකනිල් පොවනවා අර බොත්තම ඔබලා. සජිත් ප්‍රේමදාසයි විපක්ෂයයි බලාගෙන හිටියේ කොහෙන් හරි කොරෝනා රෝගීයෙක් මතු වෙනකම් හැමදාම.එයාල හැදුවේ කොරෝනා රෝගීන් වැඩියි ආණ්ඩුවට මේක කරන්න බෑ කියලා රටේ ජනතාවට කියන්නයි.හැබැයි අපි අද කියන්න කැමතියි ලෝකයේම සාර්ථකම ලෙස කොරෝනා පාලනය කරගත්තා චීනය ඉන්දියාව ඇමරිකාව හැමෝම කිවුවේ ලංකාවේ කොරෝනා මර්ධනය කිරීම අති විශිෂ්ඨයි කියලා.සුව වීමේ ප්‍රතිශතයි 80% එහා තියෙනවා දැන්. කොරෝනා වැඩපිළිවෙලට හමුදාව යොදවනවට විරුද්ධ වුණා.ඔවුන් කිවුවේ හමුදාව දාල මේක පාලනය කරන්න බෑ කියලා.අපි ත්‍රිවිධ හමුදාව දාල රටේ නීතීයත් ආරක්ෂා කරන ගමන් කොරෝනා සාර්ථකව පාලනය කරා.යුධ හමුදාපතිතුමා කිව්වා නිරෝධායන මධ්‍යස්ථාන ගැන අදහස ගෙනාවේ ජනාධිපතිතුමා කියලා.අද වෙනකොට ඉන්දියාවත් කොරෝනා මර්ධනය හමුදාවට බාර දීලා.මොනවද කිවුවේ හමුදාව යොදවනකොට.මේක හමුදා රාජ්‍යයක් කිවුවා .දැන් එහෙම උනාද.එකෙන්ම මේ වෙන කොට අපි පත් කරගත්තේ හරිම ජනාධිපතිවරයා කියලා පැහැදිලියි.ඔහු අවංක බුද්ධිමත් නායකයෙක් කියලා මේ වෙන කොට රටේ ජනතාවට පැහැදිලි වෙලා තියෙනවා.ඒ වගේම ඔහු කෙරෙහි විශාල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. අපි වූහාන්වල ඉදලා අපේ ළමයි ලංකාවට ගෙනාව.අපි අදටත් කටාර්,ඩුබායි වලින් අපේ රට විරුවෝ ගේනවා.අපි ඒකට එයාලට කොරෝනා තියෙනවද නැද්ද කියලා බලන්නේ.අපේම ශ්‍රි ලාංකිකයෝ මව්බිමට ඕනෑම වෙලාවක ගෙන්න අපේ රජය සූදානම්.ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය.අපි කවුරුත් අත ඇරියේ නෑ.හැබැයි විපක්ශය හැම වෙලාවෙම කලේ විවේචන විතරයි.එදා විපක්ශය ජනාධිපතිතුමා අගමැතිතුමා ඇවිත් මුණහැහුණා කොරෝනා කාලේ.ජනතාව ගැන කතා කලේ නෑ කතා කලේ පාර්ලිමේන්තුව කැදවන එක ගැන.විපක්ශයක් උනාම හොද දේ හොදයි කියන්න තරම් නිහතමානී වෙන්න ඕනි.එහෙම නෑ මේ අය කියන්නෙම කොරෝනා වැඩියි ආණඩුව රෝගීන් ගණන හංගනවා කියලා.පරීක්ෂණ මදි කිවුවා රෝගීන් පන්දාහක් කිවුවා.විපක්ශය බොරු ගොතලා ජනතාව බය කලා.හැබැයි අපි ශක්තිමත්ව ජනතාව ආරක්ෂා කලා.පාස්කු ප්‍රහාරයවත් කලින් දැනුම් දීලා තියෙද්දිත් බේර ගන්න බැරි වෙච්චි ආණඩුවක් යහපාලන ආණ්ඩුව.යහපාලන ආණ්ඩුව තිබුණනම් කොරෝනා වලින් කොච්චර ජනතාවට හානි වෙනවද කියලා හිතා ගන්නවත් බෑ. විපක්ශයට අපි කියන්න කැමතියි කොරෝනා පැරැද්දුව වගේම අපි මහ මැතිවරණයත් උඩින්ම දිනනවා. සජිත්ට අගමැති සිහිනය අකුල ගන්න තමයි වෙන්නේ කියලා අපි අද කියනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නෙ පොලවෙ පයගහලා ඉන්න ජනතාව ගැන සංවේදී නායකයෝ දෙන්නෙක්.ඒ වගේම ප්‍රායෝගික නායකයෝ දෙන්නෙක්.මම අපේ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාව මෙවර මහ මැතිවරණ ඉතිහාසයේ ඉහලම මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නා ලෙසයි.අපි රට බේරගත්තු නායකයාට කෘතගුණ සැලකිය යුතුයි.ඒ වගේම පොහොට්ටුව ලකුණ ඉදිරියේ කතිරය ගහලා කුරුණෑගල දිස්ත්‍රික්කය ඉහලින්ම ජයග්‍රහණය කරවා දෙන ලෙසයි
 

More News..