brand logo

සජිත්ට අගමැතිකම සිහිනයක් - ලක්ෂ්මන් යාපා

08 March 2020

සජිත් ප්‍රේමදාස මහතා එළඹෙන මහ මැතිවරණයෙන් පසුව උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පැවසීම ජනතාව රැවටීමට ගන්නා උත්සාහයක් පමණක් නොවෙයි, ජනතාවට විහිළු සපයන කෙනෙක් බවට ද පත්වී ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  පැවසීය.

මාතර, ඌරුබොක්ක නගරයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
 
සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ බෙදිච්ච පක්ෂයක, කැඩිච්ච පක්ෂයක කෙනෙක්. වෙනම කණ්ඩායමක් සමග කටයුතු කරන එතුමාට මේ රටේ අගමැති වරයෙක් වශයෙන් කටයුතු කරන්න කිසි දිනෙක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එය සිහිනයක් පමණයි.සජිත් ප්‍රේමදාස මහතා උපාධිධාරීන්ට රැකියා දෙන්න අවශ්‍ය නැහැ. මේ වන විට අපේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දී තිබෙන්නේ. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඒ උපාධිධාරී අයගේ පුහුණුව නතර කර තිබෙනවා.අපි මැතිවරණයෙන් පසුව පත්වීම් ලබා දී තිබෙන සියලු උපාධිධාරීන් පුහුණුව සඳහා යොමු කරවනවා. ඒ විතරක් නොවෙයි. ඒ අයට පුහුණුව නැති වුනත් රජය ලබාදෙන දීමනාව ලබා දෙනවා.
 
මේ වන විට තවත් උපාධිධාරීන් පිරිසක් ඉන්නවා තෝරා ගත්තු, ලිපි තැපැල් කරන්න බැරිවුණ අය. නමුත් ඒ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලැබෙනවා. කිසිවිටෙකත් බිය වෙන්න අවශ්‍ය නැහැ.ඒ නිසා බලයට පත් නොවන සිහින ලෝකවල සිටින නායකයින්ට ඕන දෙයක් කියන්න පුළුවන් මාධ්‍යට ඇවිල්ලා. නමුත් සජිත් ප්‍රේමදාස මහතා දැනගත යුතු එක දෙයක් තියෙනවා. ඔහු ජනාධිපතිවරණ මැතිවරණයෙන් පැරදිලා ඉන්නේ. ඒ නිසා ඔහු කිසි විටෙකත් පාර්ලිමේන්තු මැතිවරණය  ජය ගන්නේ නැහැ.අද වන විට ජනාධිපතිවරණ මැතිවරණයට එකතු වූ අයත්  සජිත් ප්‍රේමදාස මහතාගෙන් බෙදී වෙන් වී ගිහින් තිබෙනවා. ඒ නිසා ඔහු මේ අවස්ථාවේ ජනතාව රැවටීමට කටයුතු කිරීම පිළිබඳව අප කණගාටුවට පත් වෙනවා.  මාතර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විටත් ආරම්භ කර තිබෙන්නේ. මා හිතන්නේ මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් එජාපයට හිමිවන්නේ එක් ආසනයක් පමණක් වන බවද ඒ මහතා වැඩිදුරටත් කීය
 

More News..