brand logo

සජිත්ගේ හෙලිකොප්ටරය ගොඩබාන්න බැරි වෙන්න ලයිට් ඕෆ් කළේ ජොනී ද ?

02 November 2019

ඉකුත් බදාදා පිළිවෙළින් ත්‍රිකුණාමලයේ සහ දඹුල්ලේ රැස්වීම් දෙකකට සහභාගි වූ සජිත් ප්‍රේමදාස කුරුණෑගල රැස්වීමට සහභාගි වීමට නියමිතව තිබුණේ, රාත්‍රියේ ය. ඔහු රැගෙන ගිය ‘ගුවන් හමුදා හෙලිකොප්ටරය’ ගොඩබෑමට නියමිතව තිබුණේ, කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයටය. මෙහිදී හෙලිකොප්ටරය ගොඩබෑමට ආසන්නවෙත්ම නගරයේ සෑම තැනකම විදුලි පහන් නිවී ගියේ ය. මෙය ‘සාමාන්‍ය විසන්ධිවීමක්’ නොවිය හැකි යැයි පැවසූ සජිත් ඇතුළු කණ්ඩායම කලබල වී කුරුණෑගලින් පලා ගියේ ය. ‘‘සර්, චොපර් එක ලෑන්ඩ් කරන්න හදනකොටමයි ලයිට් ගියේ... හැම තැනම කළුවරයි... හෙලිකොප්ටරය බස්සන්න බෑ... අනතුරක් වෙන්න පුළුවන්...’’ නියමුවන් ද කීවේ ය. කටුනායකට පැමිණි වහාම කුරුණෑගල රැලිය සංවිධානය කළ අශෝක් අබේසිංහට කතා කළ සජිත් ‘සිදු වූ ඇබැද්දිය’ කීවේ ය. එමෙන්ම ඒ බව රැස්ව සිටි පිරිසට දැනුම් දෙද්දී අශෝක් අබේසිංහට හොඳටම ඇඬුණේ ය. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ තිස්ස අත්තනායක, අජිත් පී. පෙරේරා ඇතුළු තවත් කණ්ඩායමක් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී බොහෝ අයගේ මතය වූයේ එය ‘සාමාන්‍ය විසන්ධිවීමක් නොවන බවටත්, කවුරුන් විසින් හෝ විසන්ධිකරවීමක් වන බවටත්’ ය. කෙනෙක් දෙන්නෙක්, ‘මේක ජොනීගේ වැඩක් වෙන්න බැරිද...?’ යන ‘සැකය’ ද මතු කළහ.
 

More News..