brand logo

සජිත්ගේ හදවත අලියාට පෑගිලා - ශෙහාන් සේමසිංහ

13 February 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසිවලට කිසිවිටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යට නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් ගිවිසුම් පවතින බවයි.කේසේවතත් බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරනු ඇති බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය තුල මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වුවා. සජිත් ප්‍රේමදාස මහතාගේ හදවත අලියාට පෑගි ඇති බවයි ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ
 

More News..