brand logo

සජිත්ගේ ස්තූති රැස්වීම් වලදී රනිල්ට බෝම්බ ගහන කතාවක්

22 December 2019

පසුගිය ජනාධිපතිවරණයේ පරාජිත අපේක්ෂකයා වූ සජිත්ට ද එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය විශේෂය. ඒ ඔහු විපක්ෂ නායකවරයා වශයෙන් පිළිගැනීම නිළ වශයෙන් සිදුවන්නේ එහිදී වන නිසා ය. කෙසේවෙතත් විපක්ෂ නායකකමින් පමණක් සෑහීමකට පත්විය නොහැකි බව කියන සජිත් පසුගිය සතියේ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තුන පුරා කරක් ගසමින් ‘ස්තූති කිරීමේ ජනරැළි මාලාවක්’ පැවැත්වූයේය. මෙහි ‘එක්තරා රැස්වීමක දී’ පාක්ෂිකයෙකු විසින්, ‘මම රනිල්ට බෝම්බ ගහනවා...’ යැයි කීම මේ දිනවල පක්ෂයේ ‘රනිල් පාර්ශ්වයේ අයගේ’ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. කෙසේවෙතත්, සජිත් පවසා ඇත්තේ, රැස්වීම් වලට පැමිණෙන පාක්ෂිකයින් කියන සියලු දෙයෙහි වගකීම තමන් බාරගතයුතු නැති බවත්, පාක්ෂිකයින් තුළ තිබෙන රනිල් විරෝධය ‘ඓන්ද්‍රීය කාරණයක්’ වෙමින් තිබෙන බවත් ය.
 

More News..