brand logo

සජිත්ගේ සමුළු 2 ක් සෙනඟ නොමැතිව අසාර්ථක වෙයි

28 October 2019

පසුගිය සතියේ සජිත් සහභාගී විය යුතුව තිබුණු ‘සමුළු 2 ක්’ සෙනඟ නොමැතිවීම හේතුකොටගෙන අසාර්ථක වීම ද විශේෂත්වයක් විය. අසාර්ථක වූ පළමුවැනි සමුළුව වූයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ‘ධීවර සමුළුව’ යි. පන් දහසක් පමණ දෙනා අසුන්ගැන්විය හැකි වූ සුගතදාසයෙන් කාලක්වත් නොපිරවුණු එම සමුළුවට සජිත් සහභාගී නොවුණු අතර ඒ අනුව එහි සංවිධායක වෙදාරච්චිට රැස්ව සිටි ධීවරයින්ගෙන්, පක්ෂයෙන් මෙන් ම සජිත්ගෙන් ද සමාව භජනය කරන්නට සිදුවිය. ඒ එම සමුළුව අසාර්ථක වීම නිසා ය. අසාර්ථකත්වයට පත් වූ දෙවැනි සමුළුව වූයේ, විජේපාල හෙට්ටිආරච්චි විසින් විහාරමහදේවී එළිමහන් රංග පීඨයට කැඳවා තිබූ ‘ගුරු උපදේශකයන්ගේ සමුළුව’යි. සමුළුව ආරම්භ වන්නටත් කලින් එහි පැමිණි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සෙනඟ නොමැතිවීම ගැන විජේපාලට දොස් පැවරුවේ ය. කෙසේවෙතත්, මෙම රැස්වීම ඇමතූ රෝහිණී කවිරත්න මොවුන්ට ප්‍රසිද්ධියේ ම ‘මැතිවරණ අල්ලසක්’ දීම ද කැපී පෙනුණි. එකී ‘මැතිවරණ අල්ලස’ වූයේ,‘ගුරු උපදේශකයින්ගේ වැටුප් ඇතුළු පත්වීම් ගැටලු’ වලට අදාළ කැබිනට් පත්‍රිකාවක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එම ගැටලු සියල්ල විසඳන බවට කළ කතාවයි. මේ අතර සමුළුවට සහභාගී වූ ගුරු උපදේශකයින්, ‘නිවාඩු ලබා’ පැමිණියේ ද යන්න සොයා බැලීමට මැතිවරණ කොමිසමේ අවධානය ද යොමු වී තිබේ.
 

More News..