brand logo

සජිත්ගේ සමගි බලවේග උත්සවයට ගිය පළාත් පාලන මන්ත්‍රීවරු 2000ක් ඉවතට

03 March 2020

සමගි ජන බලවේගය සමාරම්භක උත්සවයට සහභාගි වූ පළාත් පාලන ආයතන සභිකයන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. චන්ද්‍රානි හා තලතාගෙන් ගැලවූ ලක් වනිතා අචිනිට මාධ්‍ය මෙහෙයුම රාජිත-රුවන්-ආශුට බාර දෙයි යොවුන් පෙරමුණ කාවින්දට විශේෂ කෘත්‍යාධිකාරි රැස්වීමක් හෙට සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 වැනිදා) පැවැත්විණි. මෙම උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන සභිකයෝ රැසක් සහභාගි වී සිටියහ. ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නවක මන්ත්‍රීවරුන් පත් කිරීමට පියවර ගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට උපදෙස් ලබාදී තිබේ. දිවයින පුරා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. මේ අතර ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (03 වැනිදා) කොළඹට කැඳවීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා සකස් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා මණ්ඩල ඊයේ (02 වැනිදා) ද රැස්විය. මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (2 වැනිදා) රාත්‍රි තීරණය කර ඇත. ලංකා ජාතික වතු කම්කරු සංගමය මෙහෙයවීමේ වගකීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සහ වී. රාධ ක්‍රිෂ්ණන්ට භාරදීමට කටයුතු යොදා ඇත. ලක් වනිතා පෙරමුණ මෙහෙයවීමේ වගකීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ සහ චන්ද්‍රානි බණ්ඩාර ඉවත් කිරීමට නියමිතය. එහි වගකීම එක්සත් ජාතික පක්ෂ යාපහුව සංවිධායිකා අචිනි ලොකු බණ්ඩාරට භාරදීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත. යොවුන් පෙරමුණ මෙහෙයවීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට පවරා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්ත රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහට පැවරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. මෙහිදී කෙටි කාලීන සහ දීර්ඝකාලීන මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම තීන්දු තීරණ අනුමත කර ගැනීම සඳහා හෙට (04 වැනිදා) හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. සමගි ජාතික බලවේගයේ සමාරම්භක උත්සවයට ඊයේ (2 වැනිදා) සහභාගි වූ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිරිකොත පක්ෂ මූලස්ථානයට පස්වරුවේ පැමිණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හමුවී ඇත. ජේ.ඩී. අලවතුවල, ගයන්ත කරුණාතිලක, සුජිත් සංජය පෙරේරා, විජේපාල හෙට්ටිආරච්චි, මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස පැමිණ හමුවී ඇත. උදයජීව ඒකනායක
 

More News..