brand logo

සජිත්ගේ විශේෂ ප්‍රකාශයට හේතුව බුද්ධි වාර්තාවක්

08 November 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (07 වැනිදා) සිදු කළ විශේෂ ප්‍රකාශයට හේතුව නවතම බුද්ධි අංශ වාර්තාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි. නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ ජයගන්නා බවට ප්‍රකාශ කිරීමත් සමග අවසන් උත්සාහය ලෙස මෙම ප්‍රකාශය නිකුත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..