brand logo

සජිත්ගේ මැතිවරණ ලකුණ හදවත

10 February 2020

ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානය නම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ නව සන්ධානයේ නව 'සමගි ජාතික බලවේගය' ලෙසත් එහි මැතිවරණ ලකුණ 'හදවත' බවට ආරංචි මාර්ග සදහන් කරයි. මේ වන විට මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි භාරදී තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. එහිදී නව සන්ධානයේ ලේකම්වරයා තීරණය කිරීමට ද නියමිතව තිබේ.
 

More News..