brand logo

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට මහනුවරදී එළිදකී

30 October 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට (31 වැනිදා) මහනුවර රැජිණ හෝටලයේදී ජනගත කිරීම සිදුවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු - අස්ගිරි නාහිමිවරුනට පිළිගැන්වීමෙන් අනතුරුව රැජිණ හෝටලයේ සංවිධානය කොට ඇති උත්සවයකදී එදින පෙරවරු 9.00ට ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය. ඒ සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙන්ම විශේෂ ආරාධිතයන් රැසක්ද සහභාගී වීමට නියමිතය. රටේ සියලු අංශ නව සංවර්ධන මාවතකට යොමු කරන ප්‍රතිපත්ති ගණනාවක් එහි අඩංගු බවද ජාතික ආරක්ෂාව මෙන්ම ජාතික ගැටලුව සඳහා විසඳුම් සම්බන්ධයෙන්ද මෙහි විශේෂ අවධානය යොමු කොට ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය. ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මහනුවරදී එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළේය. කමල් සුරවීර -මහනුවර
 

More News..