brand logo

සජිත්ගේ නව පක්ෂයට ‘අලියා’ලකුණ දිය යුතුයි- සමරවීර කියයි

13 February 2020

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට සිය පක්ෂය පිළිබඳ තනි තීරණ ගැනීමට කිසිදු අයිතියක් නැති බවටත් එජාපය ඔහුගේ තනි බූදලයක් නොවන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය. සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව මගින් පිළිගෙන ඇති නිසා එජාප මහලේකම්වරයා මේ මොහොතේ කළ යුත්තේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා අලිය ලකුණ නව සන්ධානයට දෙන බවට මැතිවරණ කොමිසමට දැනුම්දීම බවද හෙතෙම කීවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ‘‘නව සන්ධානය මැතිවරණ කොමිසම මගින් පිළිගෙන තිබෙනවා. අලියා ලකුණ පක්ෂ දෙකක පැවතිය නොහැකියි. ඒ නිසා අලියා ලකුණ නව සන්ධානයට ලබාදෙන්න. නව සන්ධානය අපි තනිව ගොස් පිහිටුවා ගත් එකක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම ඊට අනුමැතිය ලැබුණා.   චාමර පල්ලෙගෙදර
 

More News..