brand logo

සජිත්ගේ ජනහමුවට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවේ

30 September 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ දින (29) විපක්ෂනායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට එලෙස ප්‍රහාරය එල්ල වී ඇත. පොලීසිය සඳහන් කරන්නේ එම පුද්ගලයින් දෙදෙනා බීමත්ව සිට ඇති බවයි. එක් සැකකරුවෙකු ඊයේ දින (29) රාත්‍රීයේම අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා අද දින (30) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..