brand logo

සජිත්ගේ ආණ්ඩුවකට උතුරු - නැගෙනහිර 25 ක් ඉන්නවා

23 June 2020

ඉදිරි මහා මැතිවරණයෙන් උතුරු නැගෙනහිරින් පත්වන මන්ත්‍රීවරු අතරින් අඩුම  තරමින් 25 දෙනෙකු ආණ්ඩුවක් හදන්න සමඟි ජනබලවේගයට උදව් කරන බවත්  ඉදිරි මහා මැතිවරණයෙන් සජිත් ප්‍රේමාදාස මහතාට දකුණෙන් දිනා ගැනීමට තිබෙන්නේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉතිරි මන්ත්‍රී ආසන සංඛ්‍යාව පමණක්  බවත් සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක අධිනීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙවර මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිරින් මන්ත්‍රීවරු 29 දෙනෙකු පත්වන බවත් ඉන් හතරක් ඉවත් කළොත් සෙසු 25 දෙනාගේ සහය අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමේදී සමඟි ජනබලවේගයට ලැබෙන බවත් සියලුම අන් ජාතීන්ගේ සහය ලැබෙන බවත් එබැවින් කිසිදු අභියෝගයක් නොමැති බවත් ඒ මහතා කීය. මහනුවර තෙල්දෙණියේ 21පැවැති ජනහමුවකදී කිරිඇල්ල මහතා මේ බව පැවසුවේය. පාස්කු ප්‍රාහාරය සම්බන්ධ තොරතුරු ලැබී තිබියදීත් හිටපු ජනපතිවරයා ඒ  සම්බන්ධයෙන් එජාපය දැනුවත් නොකළේ පළිගැනීමේ චේතනාවෙන් කටයුුත කළ නිසා බවත් ප්‍රහාරයෙන් පසු මෙරටට ඒමට හැකියාව තිබියදී ඔහු සිංගප්පූරුවේ රැඳී සිිට ඇතිබව ඒ සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිසමේදී කරුණු ආනාවරණය වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. අලුත් සන්ධානයක් ගොඩනැගීම සුබ ලකුණක් බවත් සජිත් සමඟ අලුත් ගමනක් යෑමට දැන් සැමට අවස්ථාව ලැබී තිබෙන බවත් කිරිඇල්ල මහතා කීය. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ලෙස පත්ව එජාපය හා ආණ්ඩු කිරීම නිසා ශ්‍රීලනිපයේ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණයකර අලුත් ගමනක් ආරම්භ කළ බවත් පසුගිය රජය සමයේ සිදුවූ බව කියන නීති විරෝධී ක්‍රියාවන් කිසිවකට නම නොගෑවුණු සජිත්  ප්‍රේමාදාස මහතා පිරිසිදු නායකයෙකු බවත් හෙතෙම පැවසුවේය. කමල් සුරවීර මහනුවර
 

More News..