brand logo

සජිත්ගෙන් නිදහස් පක්ෂයට ආරාධනයක්

24 February 2020

සමගි ජන බලවේගය සමග එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර තිඛේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මෙම ආරාධනය සිදුකලේ. තම නායකත්වය යටතේ ගොඩනැගුනු නව සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරිමට එක්වන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර ඇත්තේ. කෙසේවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන නව සන්ධානයක් ගොඩ නැගිමට තීරණය කර ඇත.
 

More News..