සජබ යෙන් කථානායකවරයාට ලිපියක් ලබාදෙයි
09 April 2021
සජබ යෙන් කථානායකවරයාට ලිපියක් ලබාදෙයි
09 April 2021
පාර්ලිමේන්තු සභා ගැබ තුළ සියලුදෙනාටම එක හා සමාන අවස්ථා ලබාදෙන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් කථානායකවරයා වෙත ලිපියක් ලබා දී තිබේ.
කථානායකවරයා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පක්ෂ පාතීව කටයුතු කරන බව හැඟී යන බවත් එම ලිපියේ සඳහන් ව ඇත.
මේ සම්බන්ධ ලිපිය එම පක්ෂයේ මන්ත්රීවරුන්ගේ අත්සනින් යුතුව කථානායකවරයාට ලබාදී තිබේ.
එබැවින් අපක්ෂපාතිව කටයුතු කරමින් විශිෂ්ඨ සේවාවක් ඉටුකරනු ඇතැයි පක්ෂයේ බලාපොරොත්තුව බව ද සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් ය.